තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 27 දිස්ත්‍රික් කාර්යාල වෙත

අප්‍රේ 23, 2020

    මේ වනවිට තැපැල්පති වෙත ලැබී ඇති ඡන්ද අයදුම්පත් ලබන 27 වැනිදා වනවිට දිස්ත්‍රික් කාර්යාල වෙත ලබාදීමට තැපැල්පතිවරයා පියවර ගෙන ඇතැයි, මැතිවරණ කොමිසන් සභාව පවසයි.

    තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය ලෙස නියම කර තිබූ මාර්තු 17 වැනිදා වනවිට, ඒ, ඒ, සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී තිබූ අයදුම්පත් ලබන 28 වැනිදා පස්වරු 4.00ට පෙර හෝ ඊට අදාළ කාර්යාලය හෝ රාජ්‍ය ආයතන පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරියේ මැතිවරණ කාර්යාලය වෙත හෝ ආවරණ ලිපියක් සමඟ අතින් ගෙනවිත් බාරදීමට ඒ ඒ සහතික කිරීමේ නිලධාරීන් ක්‍රියා කළ යුතුය.

    මෙම නිවේදනය තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීමේ නව ක්‍රමවේදයක් ලෙස හෝ අයදුම්පත් බාරගැනීමේ නව දිනයක් ලෙස හෝ නියම කිරීමක් ලෙස නොසැලකිය යුතු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 අප්‍රේල් 2020 17:47

    Latest News