පෑලියගොඩ වෙළෙඳුන් PCR පරීක්ෂණයට

අප්‍රේ 22, 2020

    පිළියන්දලින් හමුවූ කොරෝනා රෝගියෙකු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පසුගියදා පැමිණ තිබීම හේතුවෙන් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළඳුන් හා කාර්ය මණ්ඩලය P C R පරීක්ෂණවලට යොමු කිරීම අද ආරම්භ කළේය.

    ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, පොලීසිය එක්ව මෙම පරීක්ෂණ සඳහා වෙළඳුන් යොමුකරන අයුරු දක්නට ලැබිණ.

    අද දිනයේ පරීක්ෂණ 500කට සීමා කර ඉතිරි පරීක්ෂණ ඉදිරි දිනවල කිරීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේය.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 11:29

    Latest News