බඹරුන් දෂ්ඨ කිරීමෙන් වවුනියාවේ දරුවන් 43 ක් රෝහලේ (වීඩියෝ)

ඔක් 17, 2022
  • වවුනියාව බෝගස් වැව විද්‍යාලයේ පිහිටි බඹර කූඩුවක බඹරු ඇවිස්සී පාසලේ දරුවන්ට දෂ්ඨ කිරීමෙන් දරුවන් 43 දෙනෙකු සහ ගුරුවරුන් 3 දෙනෙකු රෝහල් ගත කෙරේ.

    අද උදෑසන මෙලෙස පාසලේ දරුවන්ට දෂ්ඨ කිරීම සිදුව ඇති අතර අමාරු තත්වයේ පැවති දරුවන් පමණක් රෝහල් ගත කළ අතර ළමුන් 60 කට වැඩි ප්‍රමාණයකට බඹරුන් දෂ්ඨ කොට තිබේ. ගිලන් රථ මඟින් දරැවන් මාමඩුව, පදවිය සහ වවුනියාව මහ රෝහල්වලට ඇතුළත් කෙරිණි. මේ වන විට දරැවන්ට හදිසි ප්‍රතිකාර සිඳු කරන අතර අසාධ්‍ය තත්වයේ පසුවන කීප දෙනෙකු සහ එක් ගුරුවරයෙකු වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

    Latest News