දක්ෂිණ අධිවේගයේ ගමනාගමනය අදියර දෙකකට

අප්‍රේ 20, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ගය රථවාහන ගමනාගමන කටයුතු සඳහා අද සිට අදියර දෙකක් යටතේ විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    කොට්ටාව සිට හම්බන්තොට දක්වා වූ කොටස අද විවෘත කෙරේ. උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ රථවාහන ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය විවෘත කර තැබේ.

    ලබන බදාදා දිනයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුනායක සිට හම්බන්තොට දක්වා කොටස ද විවෘත කිරීමට නියමිතයි.

    කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගය වසා දැමිණ. එම මාර්ගය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ, අත්‍යවශ්‍ය සේවා සිදුකරන රථවාහනවලට පමණයි.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 10:40

    Latest News