ඇඳිරිනීතිය ඉවත්වූ ප්‍රදේශයේ දුම්රිය - බස් ධාවනයට

අප්‍රේ 20, 2020

    පොදු ප්‍රවාහන සේවා අද ආරම්භ වීමත් සමග ඇඳිරිනීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල බස් රථ සහ දුම්රිය ධාවනය කෙරිණ.

    ඒ රජය දුන් උපදෙස්වලට අනූවයි. එහෙත්, මහජනතාව ප්‍රවාහන සේවා භාවිත කරනු දක්නට ලැබුණේ ඉතා අවම වශයෙන්. අන්තර් පළාත් සේවාව අද සහ හෙට ධාවනය නොවනු ඇති. දුම්රියෙන් ගමන් කිරීමේ දී, රාජකාරී හැඳුනුම්පත හෝ වාර ප්‍රවේශ පත්‍රය හෝ ළඟ තබාගැනීම අනිවාර්යයි. දුම්රිය ගමනා ගමනයේ දී මාර්තු මාසයේ වාර ප්‍රවේශ පත්‍රය ඒ සඳහා වලංගු බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ඊයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවාවන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා රජය පියවර රැසක් ගනු ලැබේ.

    බස් රථ හා දුම්රියවල ගමන් කිරීමේදී, මගීන් මීටරයක අවම දුර පවත්වා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කළ යුතු වෙයි.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 11:44

    Latest News