පාසල් වෑන් රියදුරන්ට අප්‍රේල් ගාස්තු අයකිරීම සපුරා තහනම්

අප්‍රේ 16, 2020

    පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කර තිබේ.

    එසේ අයකර ගැනීම් තහනම් කර ඒ වෙනුවට පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එම තීරණය නොසළකමින් නීති විරෝධී ලෙස ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම් වාර්තා වී ඇති බවයි, විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ

    තවදුරටත් එවැනි පැමිණිළි ඇත්නම් ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් ඔහු දැනුම් දුන්නේය.

    විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන් දෙමව්පියන්ගෙන් අප්‍රේල් මාසයට අදාළ පාසල් වෑන් රථ ගාස්තු අයකර ගැනීම් වාර්තා වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 15:04

    Latest News