මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් ලබන 20

අප්‍රේ 16, 2020

    මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වැනිදා පැවැත්විමට නියමිතයි.

    රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ එදින පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වෙයි. ඒ අනුව මැතිරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    මැතිවරණ කොමිෂමේ නිලධාරින් සිදු කරන සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ද සැලසුම් කර තිබේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙහිදී අවධානයක් යොමු නොවනු ඇති බව සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 15:10

    Latest News