පාසැල් බස් රියදුරන්ටත් 5000ක දීමනාවක්

අප්‍රේ 15, 2020

    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රීරෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කරන ලදැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දැනට මෙම අංශ දෙකම නියාමණය හෝ කළමනාකරණය මධ්‍යම රජයේ අමාත්‍යාංශයකට පවරා නොමැති අතර ත්‍රීරෝද රියදුරන් හා පාසැල් සිසු ප්‍රවාහණ සේවා කටයුතුවල නිරතව සිටින පුද්ගලයින් නියාමණය කිරීම පළාත් සභා විෂය පථය යටතේ ගැනෙන්නක් වේ.

    නමුත් ත්‍රීරෝද රියදුරන්ගේ ඇතැම් සංගම් මෙන්ම පාසැල් සිසුදරුවන් ප්‍රවාහණ කටයුතුවල නිරතව සිටින රියදුරන් විසින් එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් තමන්ගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ අනුව මින් පෙර ප්‍රකාශ කළ පරිදි පුද්ගලික බස් රථ හා කොන්දොස්තරවරුන්ට එම රු.5000 දීමනාව ලබා දීමට තමන ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම ත්‍රීරෝද රථ රියදුරන් හා පාසැල් සිසුන් ප්‍රවාහණය කරන රියදුරන්ගේ ගැටළුවත් ඉදිරිපත් කළ අතර එහිදී මෙකී පාර්ශ්ව දෙක සඳහා ද අදාල රු. 5000 දීමනාව ලබා දීමට රජය එකගතාවය පළ කළ බව අමාත්යතවරයා පවසයි.

    ඒ අනුව ඔවුන්ට ද මෙම රු. 5000 දීමනාව ලබා දීමට රජය විසින් පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දෙයි.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 12:02

    Latest News