සැකසහිත රෝගීන්ට තංගල්ලේ වෙනමම වාට්ටුවක්

අප්‍රේ 16, 2020

    කොරෝනා රෝගීන් රඳවා තබා ගැනීමේ දෙමහල් වාට්ටු සංකීර්ණයක් තංගල්ල ප්‍රදේශයේ දී ඉදි කිරීම ආරම්භ කර තිබේ.

    පෙරදී තංගල්ල බන්ධනාගාරය සතුව තිබූ ඉඩමෙන් තංගල්ල මූලික රෝහලට ලැබුන පර්චස් 80ක පමණ ඉඩම සහ එහි තිබූ දෙමහල් ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගනිමින් මෙය ඉදිකිරීමට නියමිතයි.

    එකවර රෝගීන් 20ක් රඳවා තබා ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහිත කාමර විස්සකින් සහ ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විතව මෙම මධ්‍යස්ථානය ඉදි කරනු ලැබේ.

    අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, තංගල්ල රුහුණු කරලිය සංවිධානය, ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් හය දෙනෙකුගෙන් සමන්විත එකමුතුවක් සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගයෙන් රුපියල් මිලියන හයක් පමණ වියදමින් මෙය ඉදිකෙරේ.

    තංගල්ල මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමීර තන්තිරිගේ මහතා පවසන්නේ ඉදිරි සති දෙක තුළ දී සියලු ඉදි කිරීම් අංග සම්පූර්ණ ලෙස නිම කොට විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

    Latest News