වවුනියාව රියදුරන් 47කට නඩු

පෙබ 08, 2020

    වවුනියාව නගරයේ ඊයේ සිදු කෙරුණු හදිසි රථ වාහන සෝදිසි මෙහෙයුමක දී රියදුරන් 47කට නඩු පැවරීමට වවුනියාව පොලීසිය පියවර ගෙන තිබේ.

    ආදායම් බලපත්‍රය හා රක්ෂණ සහතිකය ඇතුළු ලිපිලේඛන නොමැති වීම, බීමත්ව රිය පැදවීම ඇතුළු වැරදි රැසක් සම්බන්ධයෙනුයි මෙලෙස නඩු පැවරීම කර තිබෙන්නේ. ප්‍රදේශයේ රිය අනතුරු අවමකර ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් නිරන්තර සිදු කරන බව, පොලීසිය පවසයි.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 11:40

    Latest News