නව පරීක්ෂණ උපකරණ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ආරම්භ කරන බව පොලීසිය පවසයි.

පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කර තිබේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රීරෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කරන ලදැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වවුනියාව නගරයේ ඊයේ සිදු කෙරුණු හදිසි රථ වාහන සෝදිසි මෙහෙයුමක දී රියදුරන් 47කට නඩු පැවරීමට වවුනියාව පොලීසිය පියවර ගෙන තිබේ.

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 8333ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 329 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) පෙරවරු 6.00 සිට අද (15) පෙරවරු 6.00 දක්වා දිවයින කළ වැටලීම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ අනුව ලබාගෙන ඇති රථවාහන නඩු ගණන 5519ක්.

පසුගිය 11 වැනිදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලින් බීමත් රියදුරන් 1270 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලබා ගෙන ඇති රථවාහන නඩු සංඛ්‍යාව 34,980ක්. උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් 20 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Latest News