ගොවීන්ගෙන් එළවලු - පළතුරු මිලට ගැනීමේ තවත් අදියරක් අද

අප්‍රේ 15, 2020

    ගොවින්ගෙන් එළවළු හා පලතුරු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) ආරම්භ වෙයි.මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වූ ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්වීමෙන්.

    වැඩසටහනේ දෙවන අදියර අද සහ හෙට (16) යන දෙදින තුළ දි අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කිරිමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    රට තුළ පවත්නා ඇඳිරි නීති තත්වය හේතුවෙන් තම නිශ්පාදන අලෙවි කර ගැනීමේ ගැටළුවට මුහුණ දී සිටින ගොවින් වෙත සහනයක් ලබාදීම මෙහි අරමුණයි.

    වැඩසටහනේ පළමු අදියර ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 11 සහ 12 යන දෙදින තුලයි.

    Latest News