මෙරටින් තවත් ආසාදිතයින් 15ක්..මුළු ගණන 233ක්

අප්‍රේ 15, 2020

    මේ වන විට තවත් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 14 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනූව අද දිනයේ මේ දක්වා වාර්තා වූ රෝගීන් 15 බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඒ අනූව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 233ක්.  අවසන් වරට වාර්තා වූ රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කළ වූවන් වන අතර ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයින්.  

    ඉන් 8 දෙනෙක් පලාලි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක් වන අතර 4 දෙනෙක් මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වේ. 

    තවත් එක් අයෙක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගයෙක්. 

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 09:10

    Latest News