මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218ක්

අප්‍රේ 14, 2020

    මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (13) රාත්‍රියේ තවත් ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙක් මියගොස් තිබේ. තවත් 155 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 88 දෙනෙක් ද, නැගෙනහිර කොළඔ මුලික රෝහලේ 28 දෙනෙක් ද හා වැලිකන්ද මුලික රෝහලේ 22 දෙනෙක් ද ඉරණවිල රෝහලේ 06 දෙනෙකු ඊට අයත්.

    මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 56ක්.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 08:20

    Latest News