IDH රෝහල, අලුත් අවුරුද්ද ගත කරන හැටි (වීඩියෝ)

අප්‍රේ 13, 2020
  • මේ අවුරුද්දේ වැඩියෙන්ම කතාකරන රෝහලට බවට පත්වුණේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයයි.

    වෙනදා අපි අලුත් අවුරුදු කාලයේදී වැඩිපුර කතා කරන්නේ, කොළඹ, ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය පිළිබඳවයි. ඒ, නොසැලකිලිමත්කම නිසා සිදුවන ගිනිකෙළි අනතුරු සහ මාර්ග අනතුරු නිසා. එහෙත්, අපි මේ අවුරුද්දේ වැඩියෙන්ම කතාකරන රෝහලට බවට පත්වුණේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයයි. ඒ පිරිසකගේ නොසැලකිලිමත් බව නිසා රට පුරා පැතිර ගිය කොරෝනා වෛරසය හේතුවෙන්. ඒ රෝගි වුණු පිරිසකගේ ජිවිත සුවපත් කරන්න කැපවෙන්න වුණේ, එම රෝහල් කාර්ය මණ්ඩලයටයි. මේ මොහොතේත් ඔවුන් රාජකාරිවල. අද වගේ දවසක ඔවුන් මතක් කිරීම අපේ වගකීමක්. ඒ ගැන සොයා බලන්න අපි අද ගියේ IDH රෝහලටයි.

    ඔබ හැම කෙනෙක්ම තම නිවසට වෙලා අලුත් අවුරුද්ද සමරන මොහොතේ මොවුන් කාලය ගත කරන්නේ IDH රෝහලේ මේවනවිටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සියයකට අධික පිරිසකගේ ජිවිත බේරාගැනීම සඳහායි. පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මොහොතේ සිට මෙම වෛද්‍ය ඇතුළු 600ක් වූ සියලුම කාර්ය මණ්ඩලය මේ මොහොත දක්වා සේවය කරනු ලබන්නේ, තම සියළුම ආදරණීයයන්ගෙන් වෙන්වී. නමුත් ඔවුන්ට ද තම නිවෙසකට ගොස් තම පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමට ආශාවන් නැතුවා නොවේ. ඔවුන්ට එය ඉටුකරගත හැකිවන්නේ ද කොරෝනා වෛරසය මෙරටින් සදහටම තුරන් කර දැමීමෙන් පසුවයි.

    Latest News