මෙරට කොරෝනා ආසාදිතයින් 186 දක්වා ඉහළට

අප්‍රේ 08, 2020

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයෙක් හඳුනාගැනීමත් සමඟයි.

    මේ වන විට වෛරස ආසාදිතයින් 42 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට පුද්ගලයින් 06 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 15:17

    Latest News