මිලියන 7ක රත්‍රං රේගුව අල්ලයි

දෙසැ 20, 2018

    සිංගප්පූරුවේ සිට නීති විරෝධී මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොල රේගුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. 

    ඒවායේ වටිනාකම රුපියල් මිලියන 7කි.  ස්වර්ණාභරණ තොගයේ මුළු බර කිලෝ 1යි ග්‍රෑම් 150කි.  මෙහි නිම නොකළ රන්මාල 9ක් ඇතුළු තවත් ස්වර්ණාභරණ රැසක් සැකකරුගේ ගමන් මල්ලේ තිබී සොයා ගැනිණ. 

    ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේ දී මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේ දී මෙම ස්වර්ණාභරණ තොගය සොයා ගැනීමට රේගුව සමත්විය.  සැකකරු අවුරුදු 60ක් වයසැති වැල්ලම්පිටියේ පදිංචි පුද්ගලයෙකි.  සිද්ධිය සම්බන්ධව සිදුකළ රේගු විමර්ශනයකින් අනතුරුව අදාළ රත්රන් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කෙරිණ.

     

    Latest News