කෝටි 5ක රත්‍රං සමග සැකකරුවන් 3ක් රේගු අත්අඩංගුවට

ජන 23, 2020

    නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 5ක් වටිනා රත්ත්‍රරං තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු ද අද අත්අඩංගුවට ගැනිණ.

    ඒ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින්. කිලෝ 5යි ග්‍රෑම් 600ක් බර මෙම රන් තොගයෙහි රන් බිස්කට් 32ක්,මුදු,මාල තිබූ බවයි, ගුවන් තොටුපළ රේගුව පවසන්නේ.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ගුවන් මගීන් පැමිණෙන පරියන්තය අසළ රැඳී සිටියදී. ගුවන් මගියෙකු විසින් රත්තරං තොගය ඇතුළත් පාර්සල් මෙම සැකකරුවන්ට භාර දී ඇති බව, අප වාර්තාකරු පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26,33 හා 16 වයස්වල පසු වන දෙමටගොඩ,වැල්ලම්පිටිය හා කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 10:34

    Latest News