අධිවේගයේ වාහන හෙට සිට වැඩිවන ලකුණු

දෙසැ 20, 2018

    හෙටින් ආරම්භ වන සති අන්තයේ දී අධිවේගී මාර්ගය භාවිත කරන වාහන සංඛ්‍යාව 30ත් 35ත් අතර ප්‍රමණයකින් ඉහළ යා හැකි බව, අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය පවසයි.

    ඊට මුහුණ දීම සඳහා නවීකරණ රැසක් සිදු කර ඇති බව, එහි අධ්‍යාක්ෂ සමන් ඕපනායක මහතා කියා සිටී. පිටවීමේ හා ඇතුළු වීමේ කවුලු වැඩි කර තිබේ. ගමන ආරම්භයේ දී ලබා දෙන ටිකට්පතට අදාළ මුල පිටවීමේ දොරටු ආසන්නයට පැමිණි විට සූදානම් කරගෙන පැමිණෙන ලෙස ඉල්ලීමක් කෙරේ. එසේ පැමිණියහොත් තත්පර 10ක් තුළ පිටවී යාමට අවස්ථාව සැලසේ. ටිකට්පත් නිකුත් කරන සියලු යන්ත්‍ර වැඩිදියුණු කර ඇති අතර, පිටවීමේ දොරටුවල ඇති මාර්ග බාධාකය ස්වංයක්‍රීයව විවෘත වන අකාරයට වැඩිදියුණුව කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 07:59

    Latest News