කෝටි 5ක රත්තරන් රේගු අත්අඩංගුවේ

ජූලි 02, 2022

    ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියකු නීති විරෝධිව රැගෙන එන ලද රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල සේවයේ නියුතු නිලධාරීන් විසින් අද (2) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.  

    එම රත්තරන් තොගය තුල රත්තරන් බිස්කට් 16ක් සහ උනු කරන ලද රත්තරන් කැබලි 4ක් තිබූ බවත් එහි මුළු බර ග්‍රෑම් 2098 ක් බවත් ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පවසයි.

    අනතුරුව එම රත්තරන් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් 50,000 දඩයක් නියම කළ බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි. 

    Latest News