රට වසා දමන වන ප්‍රචාර අසත්‍යයි.. බොරු ප්‍රචාර ගැන CID විමර්ශන

අප්‍රේ 04, 2020

    අප්‍රේල් 10 වැනි දින සිට 15 වැනි දින දක්වා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත්, එම කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත්, එමෙන්ම ආහාර සැපයීම්,බෙදාහැරීම සේවා, මාර්ග ගත ඇණවුම්, බේකරි නිෂ්පාදන වාහන ආදී කිසිවක් එම කාලය තුළ ක්‍රියාත්මක නොවන බවත්, කිසිඳු වෙළෙඳ සැලක් විවෘත කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

    එම තොරතුරෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත්, රජය විසින් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බව මහජනතාව වෙත දන්වා සිටිනු ලැබේ.

    එසේම මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු කිරීම නොකළ යුතු බවට මහජනතාවට ශ්‍රී ලංකා පොලීසිය අවවාද කරනු ලැබේ.

    මෙම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාල තුළ මුදාහරින හා බෙදහරින තැනැත්තන්ට එරෙහි නීති මගින් කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 18:25

    Latest News