මෙරට වායු දූෂණය 30%කින් අඩු වෙයි

අප්‍රේ 04, 2020

    මෙරට වායු දුෂණය 30%කින් පමණ අඩු වී ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසයි.

    ඇඳිරිනීතිය පැනවීමත් සමග මානව ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් පහළ යාම ඊට හේතුවයි. කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම රථවාහන ධාවනය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර, කර්මාන්ත සහ අනෙකුත් නිෂ්පාදනවල සිදුවූ පහළයාමද, මීට හේතුවී ඇති බව, සරත් ප්‍රේමසිරි මහතා පවසයි. අමෙරිකානු තත්ව දර්ශකයට අනූව, මේ වන විට වායු දූෂණය දර්ශක 50 මට්ටමට පැමිණ තිබේ.

    මේ අතර කැලණි ගඟේ ජලයේ පිරිසිදු බව ද වැඩි වී ඇතැයි, කැලණි ගං සුරැකීමේ ජනතා පදනම පවසයි. ගඟ දෙපස මානව ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් අඩුවීම හා කර්මාන්තවලින් ගඟට අපද්‍රව්‍ය එකතු කිරීම නතර වීම ඊට හේතුවයි.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 18:06

    Latest News