ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කෙරේ

මාර් 31, 2020

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

    තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව, විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ‍මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට අප්‍රේල් මස පළමු වනදා දහවල් 12.00 දක්වා පමණක් කාලය ලබාදීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් කියා සිටියි.

    Last modified on අඟහරුවාදා, 31 මාර්තු 2020 09:40

    Latest News