සමෘද්ධිලාභීන් සඳහා ලබාදෙන සහන ණය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ද කඩිනමින් (වීඩියෝ)

මාර් 30, 2020
  • කොරෝනා වසංගතය නිසා උද්ගතව ඇති වාතාවරණය තුළ අපහසුතාවට පත් සමෘද්ධිලාභීන් සඳහා ලබාදෙන සහන ණය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    ලක්‍ෂ 20ක් වන සමෘද්ධිලාභීන් සඳහා රුපියල් දස දහසක පොලී රහිත සහන ණය අත්තිකාරම් මේ යටතේ ලබාදීමට නියමිතයි.
    සමෘද්දිලාභීන් සඳහා පොලී රහිත කඩිනම් සහන ණය අත්තිකාරමක් ලෙස රුපියල් 5,000ක මුදලක් සමෘද්ධි බැංකු හරහා පළමු අදියර යටතේ ලබාදීම මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකයි. ණය මුදල් ගෙවීමට සය මසක කාලයක් හිමිවේ. මාස 18ක් ඇතුලත වාරික ගෙවීමට හැක. රජය මීට වෙන් කළ මුදල, රුපියල් මිලියන දහසක්. පළමු අදියර හෙටින් අවසන්. දෙවැනි අදියර ලබන 10 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිතයි.


    පළමු අදියර යටතේ රුපියල් 5,000 දීමනාව දිවයින පුරා සමෘද්ධි බැංකු හරහා මේ දිනවල සිදු කෙරේ. යටලමත්ත සමෘද්ධි කලාපයේ සමෘද්ධිලාභීන් 1,100කට අධික පිරිසකට රුපියල් ලක්‍ෂ 56ක මුදලක් බෙදා දීම සිදු කෙර්.


    කරන්දෙණිය ප්‍රදේශයේ සමෘද්ධිලාභීන්ට සහන ණය මුදල් ලබාදීම ද කුරුඳුගහහැතැක්ම සමෘද්ධි කාර්යාලයේ දී අද සිදු කෙරිණ.

    Latest News