පාස්කු දේවමෙහෙයන් සජීවීව ජාතික රූපවාහිනියෙන් (වීඩියෝ)

මාර් 30, 2020
  • එළඹෙන පාස්කු සතියේ පැවැත්වෙන කිතුණු දේව මෙයෙන් විකාශය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පියවර ගෙන තිබේ.

    අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද(30) පැවති හමුවකදී මෙම එකඟතාවට එළඹිණ.

    පාස්කු සතියේ පැවැත්වෙන දේව මෙයෙන් අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එම දේව මෙහෙයන් සජිවිව ජනමාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කතෝලික සභාව තීරණය කර තිබේ. ඇඳරි නීතිය ක්‍රියාත්මක වන සමයේ සහ ව්‍යසන තත්වය හමුවේ කිතුණු බැතිමතුන්ට පාස්කු දේව මෙහෙයන්වලට සහභාගිවීමට නොහැකි වීම මීට හේතුවයි. එම දේව මෙහෙයන් සජීවිව සහ පටිගත කර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල මහතා මෙහිදී එකඟතාව පළ කළේය. රටේ ආරක්‍ෂාව වෙනුවෙන් රාගම තේවත්ත බැසිලිකා පුදබිමේ ලබන 3 වැනිදා පෙරවරු 11.00ට පවත්වන විශේෂ දේව මෙහෙය සජිව ලෙස ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණ.

    Last modified on සදුදා, 30 මාර්තු 2020 20:26

    Latest News