කොරෝනා වසංගතය දුරුවීමට උණු කිරි කොරහා ශාන්ති කර්මය (වීඩියෝ)

මාර් 30, 2020
  • කොරෝනා වසංගතය මුළුමහත් ලෝකයාටම දැඩි තර්ජනයක් බවට පත්ව අවසන්. මේ වෙද්දී එය ශ්‍රී ලාංකිකයින්ට ද තදින්ම දැනෙන තර්ජනයක් බවට පත්වෙමින් තිබේ.

    කොරෝනා වසංගතය ලෝකයෙන් හා ශ්‍රී ලංකාවෙන් ඉක්මණින් දුරුවේවා යැයි ප්‍රාර්ථනා කරමින්, අද දඹාන ආදිවාසීන් උණු කිරි කොරහා ශාන්ති කර්මය සිදු කළේය.


    කිරි කොරහා නැටුම සැලකෙන්නේ, දඹාන වැදි පරපුරේ අවසන් යාගය නැතහොත් රංගනය ලෙසයි. සිය වගාවන්ට ආශිර්වාද ලබාගැනීමේ අරමුණෙනුයි, වර්තමානයේ ආදිවාසීන් කිරි කොරහ නැටුම පවත්වනු ලබන්නේ. රැහේ නෑයෙකුගේ නායකයාට අත්වැල් දෙමින් ආදිවාසීන්ගේ සාම්ප්‍රදියාක නැටුමක් ලෙස, කිරිකොරහ වට කරමින් රැය පහන්වනතුරු රංගනයේ යෙදෙන්නේ. මෙවර උණු කිරි කොරහ ශාන්ති කර්මය ආදිවාසී නායක, විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් දඹාන, කෙටබකිනිය ආදිවාසී ගම්මානයේ දී අද (30) උදෑසන පැවැත්විණ.

    Latest News