අවදානම් කලාපවල ඇඳිරි නීතිය නැවත දැනුම්‌ දෙන තෙක්‌ දිගටම

මාර් 30, 2020

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්තික්කවල දැන්‌ ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්‌ දෙන තෙක්‌ දිගටම ක්‍රියාත්මක බව රජය පවසයි.

    සෙසු සියළුම දිස්ත්‍රික්කවල අද උදෑසන 6.00 ට ලිහිල්‌ කෙරුණු ඇඳිරි නීතිය දහවල්‌ 2.00ට නැවත පැනවීමට නියමිතයි.

    ජනාධිපති මාධ්‍ය අංශය ඇඳිරි නීතිය සම්බන්ධයෙන්‌ රජය ගෙන ඇති නවතම නීරණය පිළිබඳව දැනුම්දීමක්‌ සිදු කර ඇත. කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීනිය නැවත දැනුම්‌ දෙනතුරු බලපැවැත්වෙත බව මීට පෙර සඳහන්‌ කර තිබූ අතර මහනුවර සහ පුත්තලම දිස්තික්කද ඊට ඇතුලත්‌ කර තිබේ. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙර නිවේදනය කළ පරිදි අද උදෑසන 6 ට ඉවත්‌ කර පස්වරු 2ට යළි පැනවීමට නියමිතය.

    අත්‍යවශ්‍ය සේවා හැර වෙනත්‌ කාර්යයන්‌ සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්‌ තහනම්‌ කර තිබේ.

    Latest News