දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්

මාර් 29, 2020

    දිවයිනේ දිස්ත්‍රි‍ක්ක කිහිපයක උණුසුම් දර්ශකය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සදහන් කළේ වයඹ පළාත සහ සබරගමු පළාත් සහ මාන්නාරම්, වව්නියාව, අනුරාධපුර, ගම්පහ මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථාවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

    මෙම නිවේදනයේ සදහන් කර ඇති ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 32 ත් 41 අතර අගයක් වාර්තාවිය හැකිය.

    මේ හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික සහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

    එනිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, උධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙස කාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් ඇදීමට කටයුතු කිරීමත් වාඩාත් සුදුසු බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

    Latest News