ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීමට‌ 809ක් අත්‌අඩංගුවට

මාර් 30, 2020

    ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්‌ ගතවූ පැය 24 තුළ පුද්ගලයින්‌ 809 දෙනෙකු අත්‌අඩංගුවට ගෙන තිබේ.

    අත්‌අඩංගුවට ගත්‌ වාහන සංඛ්‍යාව 166 කි‌. ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පිරිස්‌ අත්‌අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මාර්ග බාධක යොදා තිබේ. ඉකුත්‌ විසිවැනිදා සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්‌ සංඛ්‍යාව 6,850 කි. වාහන 1,643 ක්‌ ද අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News