කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය අලුත්වැඩියා කෙරේ

මාර් 23, 2020

    කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අලුත්වැඩියා කිරීම් කටයුතු නාවික හමුදාව අද (23) කටයුතු කරන ලදි.

    කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට රට තුළ ඇති වී තිබෙන තත්වය හේතුවෙන් ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබාදීමේ අරමුණින්, මෙම අලුත්වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහලෙහි වෛද්‍ය දැඩිසත්කාර ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වන පරිදි කොටසක් වෙන් කිරීමට මෙහිදී කටයුතු කරමින් පවතී.

    Latest News