පුත්තලමට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

මාර් 18, 2020
    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
    ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ඇත.
    එසේම මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි නීතිය  බලපැවැත්වේ. 
    Last modified on බදාදා, 18 මාර්තු 2020 14:06

    Latest News