ප්‍රදේශ කිහිපයකට තද වැසි

මාර් 18, 2020

    දීර්ඝ කාලයක් සිට පැවති වියළි කාලගුණය නිමා කරමින්, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ තද වැසි ඇඳහැලිණ. සුළං තත්වයකින් නිවාස 20කට පමණ හානි සිදුවී තිබේ.

    මහවැව ප්‍රදේශයේ හලාවත / කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් වෙළඳසැල් 2කට හානි සිදුවිය. ගමනා ගමනයට ද බාධා එල්ල වූ අතර, විදුලි පද්ධතියට ද හානි සිදුව තිබේ. රජයේ දේපළ රැසකට ද හානි සිදුවිය.

    බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණ හා වයඹ පළාත්වලට අද පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව පළාතේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල වැසි ඇති විය හැකියි. පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර කලුතර,රත්නපුර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 12:34

    Latest News