දඹදිව වන්දනාකරුවන් මෙරටට ගෙන්වාගැනීමේ රජයේ තීරණයට ප්‍රසාදය

මාර් 18, 2020

    දඹදිව වන්දනා ගමන්වල යෙදුනු පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය ගත් ක්‍රියාමාර්ගයට දඹදිව ගමන් සංවිධායකයින් සිය ප්‍රශංසාව පළ කර තිබේ.

    ජනාධිපතිතුමා ඒ සඳහා දුන් සහය අගය කරන බවයි, එම සංවිධාන පවසන්නේ. ශ්‍රී ලංකා දඹදිව වන්දනාකරුවන්ගේ සංගමය ලෙස ස්තූතිය හිමිවන බවයි, එහි සංවිධායක හර්බට් විජේතුංග මහතා පවසන්නේ.

    දඹදිව වන්දනාව සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ ගුවන් යානයක් අද(18) දිනයේ පිටත් කර හැරීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ අදාල ගුවන් යානය අද පස්වරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිත බවයි.
    ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදුකෙරෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
     
     මේ වනවිට දඹදිව වන්දනාව සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 225 දෙනෙකු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් දිල්ලි නුවරට රැගෙනවිත් ඇති අතර පස්වරුවේ ඔවුන් විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමට නියමිත බව බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.
    Last modified on බදාදා, 18 මාර්තු 2020 14:29

    Latest News