මත්තල - රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට සූදානම්

මාර් 01, 2020

    මත්තල හා රත්මලාන ගුවන් තොටුපොළවලට, ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි අධානය යොමුව තිබේ. එම ගුවන් ගමන් අරඹන සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

    ඔහු මේ බව කියා සිටියේ, ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල මෙරට කළමනාකරුවන් සමග පැවති සාකච්ජාවකදී. මෙහිදී ගුවන් ඇරඹීම හා එම සමාගම් මුහුණපා තිබෙන ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. සාකච්ජාවට සහභාගී වූ ඉන්දීය ගුවන් යානා සමාගමක මෙරට කළමනාකාරිවරියක් සඳහන් කළේ රත්මලාන හා චෙන්නායි අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ද ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව ඇය මෙහිදී කැමැත්ත පළ කළාය. ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයකම මෙරට කළමනාකරුවන්, මත්තල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට කැමැත්ත පළ කළ අතර සිය කළමනාකාරීත්වයට මේ සම්බන්ධයෙන් දැනුම් දීමට ද එකඟ විය. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ජාත්‍යන්තර ගුවන් ගමන් ද අඩාල වී ඇතැයි, ගුවන් සමාගම් නියෝජිතයෝ අමාත්‍යවරයාට මෙහි දී පෙන්වා දුන්නේය. ඒ පිළිබඳ රජයට කරුණු ඉදිරිපත් කර සහනයක් සලසන ලෙස ද අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

    සාකච්ජාවට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 11:05

    Latest News