සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රවාහන කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරියෙක්

පෙබ 29, 2020

    ප්‍රවාහන ගැටලු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශයට වගකියන උපාධිධාරීන් සම්බන්ධීකරණ නිලධාරීන් දහසය දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ සිදු කෙරිණ. ඒ අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්.

    දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම නිලධාරීන් පත් කිරීමට නියමිත අතර දිස්ත්‍රික් 19ක් සඳහායි මෙම පත්වීම් සිදු කරනු ලැබුවේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පුද්ගලික ප්‍රවාහන සේවා සම්බන්ධීකරණය කිරීම මෙහි අරමුණයි. ජනතාවට බලපාන ගැටලු පිළිබඳ සොයා බලා වාර්තා සකස් කර අමාත්‍යාංශයට යොමු කිරීමටත්, කඩිනම් පියවර ගැනීමත් ඇතුළු රාජකාරී රැසක් එම නිලදාරීන්ට පැවරෙන විශේෂ රාජකාරී වෙයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 12:52

    Latest News