ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස් රථවල හා දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර ලබාදී තිබේ.

ප්‍රවාහන ගැටලු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශයට වගකියන උපාධිධාරීන් සම්බන්ධීකරණ නිලධාරීන් දහසය දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ සිදු කෙරිණ. ඒ අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්.

උත්සව සමයේ ප්‍රවාහන සේවා විධිමත් කිරීමට රජය පියවර ගෙන තිබේ. කඩිනම් සේවාවක් සැලසීම අරමුණයි.

නත්තල් උත්සවය හා නව වසර උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන මහජනතාවගේ පහසුව පිණිස ලංගම, දුම්රිය හා අධිවේගී මාර්ගවල ප්‍රවාහන සේවා තවදුරටත් ශක්තිමත් කෙරේ.

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව 100% වර්ධනය කරමින් මාසයක් ඇතුළතදී නවීකරණ කළ බස් රථ හයක් ධාවනය සඳහා අලුත්වැඩියා කිරීමට සමත් වේ.

Latest News