දුම්රිය සේවකයින් 1200කට ස්ථිර පත්වීම්

පෙබ 29, 2020

    2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් (අනියම් ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත්) මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගනී.

    ඒ යටතේ එම සේවකයින්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුවිය.

    එම අවස්ථාවට දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාත් අතිපුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේත් සහභාගී වුහ.

    Latest News