කළුතර කැලිඩෝ වෙරළේ නැවත ඉදිකිරීම් ඇරඹේ

පෙබ 29, 2020

    උතුරු කළුතර කැලිඩෝ වෙරළ තීරයේ නැවත ඉදිකිරීම් රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර යන අමත්‍යවරුන් ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ.

    2017 වසරේ ඇති වූ ගංවතුරින් වෙරළ තීරයට හානි සිදුවී තිබිණ. ඩෙන්මාර්ක් රජයේ තාක්ෂණික උපදේශකත්වය යටතේ විශේෂ නෞකාවකින්, මුහුදේ සිට වෙරළ තීරයට වැලි පොම්ප කෙරේ.
    කිලෝ මීටරයකට පමණ දුර ප්‍රමාණයකින් යුක්තව ඉදිකිරීමට නියමිත මෙම වෙරළ තීරය, මාස තුනක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතයි.

    රජය මීට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 89ක්. වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඉදිකිරීම් අධීක්ෂණය කෙරේ.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 12:43

    Latest News