පොළොන්නරුවේ වී මිලදී ගැනීම ඇරඹේ

පෙබ 23, 2020

    මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන, සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.

    ඒ සඳහා පළමු අදියර යටතේ රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝට් 383ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිල දී ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර හැත්තෑ පන්දහසක වී වගාකර තිබේ. ඉන් අපේක්ෂිත වී මෙට්‍රික් ටොන් ප්‍රමාණය ලක්ෂයක්. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල දී මිල දී ගැනීම සිදු කෙරෙනු ඇති.

    මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට අපේක්ෂතයි. මහ කන්නයේ වී මිල දී ගැනීම සාර්ථකව සිදුකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම ඊයේ සිදු කෙරේ. ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී.

     

    Paddy purchased from Polonnaruwa 

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 11:37

    Latest News