මිහින්තගේ 'සහන සත්කාරක' රෝහලේ ඉදිකිරීම් ඇරඹේ

පෙබ 23, 2020

    අනුරාධපුර,මිහින්තලේ සහන සත්කාරක රෝහලේ ඉදිකිරීම්, ඊයේ ආරම්භ කෙරිණ. ශාන්ති පදනම ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 1,500ක්.

    රෝහල හැඳින්වෙන්නේ, දකුණු ආසියාවේ ප්‍රථම සහන සත්කාරක රෝහල ලෙසයි. ඊට මුල්ගල තැබුණේ, අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, මිහින්තලය රාජ්‍ය මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද මේ අවස්ථාවට එක්විය.

    රෝහල 'මේජර් ජෙනරාල් විජය විමලරත්න අනුස්මරණ රෝහල' ලෙස නම්කර තිබේ. ශාන්ති පදනමේ සභාපති, ඕස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍ය, සුහර්ෂ කනතිගොඩ මහතා ද මීට එක්ව සිටියේය. වකුගඩු රෝග හා පිළිකාවලින් පීඩා විඳින රෝගීන් රැකබලාගැනීමට සියලු පහසුකම් මෙම රෝහලේ ස්ථාපනය කෙරෙනු ඇති. රෝහලේ සේවය සඳහා රජයේ හෙද නිලධාරීන් ඇතුළු වෛද්‍යවරුන්ට, දේශීය හා විදේශීය පුහුණුව ලබා දීමට ද නියමිතයි. ඉදිකිරීම් භාරව ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවයි.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 11:48

    Latest News