'කැපකරු ගොවිබිම්' වැඩසටහන අද ඇරඹේ

ජූනි 14, 2022

    විද්‍යුත් විකාශකයින්ගේ සංසඳයේ සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කෙරෙන “කැපකරු ගොවිබිම්” වැඩසටහන අද ආරම්භ වෙයි. 

    රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන, එක්ව වවමු - රට දිනවමු, වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ආරම්භ කරන බවයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසන්නේ. 

    මුදල් නොමැති වීම හේතුවෙන් ගොවිතැන අතහැර දමා ඇති ගොවීන්ට සවියක් වීමේ අරමුණින් මෙම “කැපකරු ගොවිබිම්” වැඩසටහන ක්‍රියාත්මක වෙයි. 

    011-20 50 461, 011-20 50 462 හෝ 011-2 36 84 63 යන දුරකතන අංක ඇමතීමෙන් හෝ 077-258 22 22 යන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කිරීම හරහා මෙම වැඩසටහනට සම්බන්ධවීමේ හැකියාව පවතියි. 

    Latest News