පුත්තලම හෙක්ටයාර 5742ක වී අස්වනු නෙලා අවසන්

අගෝ 25, 2022

    පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වන විට හෙක්ටයාර 5742ක වී අස්වනු නෙලා අවසන් බව, දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ පවසනවා. මෙවර යල කන්නයේ එම දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 13,385 ක්.

    පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තරංගිකා ශ්‍යාමලී මහත්මිය පවසන්නේ, වගා කටයුතු ආරම්භයේදී හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 4.3 ක අස්වැන්නක් අපේක්ෂා කෙරුණ ද පසුගිය කාලයේ මතු වූ ඇතැම් ගැටලු හේතුවෙන් මෙවර අස්වැන්න යම් ප්‍රමාණයකින් අඩු විය හැකි බවයි.

    ගොයම්කපන යන්ත්‍ර හිමියන් ගොයම් කැපීම සඳහා අධික මිලක් අය කිරීම නිසා, තමන්ට මෙවර වී අස්වැන්නෙන් පාඩු ලැබීමට සිදු වී ඇති බව, ගොවීන් පවසනවා. ගොයම් කපන යන්ත්‍ර හිමියන් පෙන්වා දෙන්නේ, සිය යන්ත්‍ර සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි.

    Latest News