වී මිලට ගැනීමේ ගැටළුව විසඳීමට අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

සැප් 22, 2022
    ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳාගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් ලබාදිය හැකි සහන පිළිබඳ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (21) පැවැත්විණි.
    එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජගත් කුමාර, සමන්ප්‍රිය හේරත් යන මහත්වරු මෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම්වරයාද, ලංකා බැංකුව - මහජන බැංකුව - ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිවරුද, වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාද, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහුද සහභාගි වූහ.

    Latest News