වී අලෙවි මණ්ඩලය, වවුනියාවේ වී අස්වනු කිලෝග්රෑම් 571,961ක් මිලදී ගනී

සැප් 25, 2022

    වී අලෙවි මණ්ඩලය වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් මෙවර යල කන්නයේ වී අස්වනු කිලෝග්රෑම් පන්ලක්ෂ 71,961 ක් මිලදී ගෙන තිබෙනවා. වී මිලදී ගැනීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    වවුනියාව, වෙප්පන්කුලම, පාර්ක් රෝඩ් සහ වැලිපොළ යන වී ගබඩාවලින් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා.

    සම්බා වී කිලෝවක් රුපියල් 130 බැගින් ද, නාඩු වී කිලෝවක් රුපියල් 120 බැගින් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 135 බැගින් මිලදී ගෙන තිබෙනවා.

    වී ඇසුරුම් බෑගයක් සඳහා ගොවීන්ට ලබා දී ඇති මුදල රුපියල් 60 ක්. මිලදී ගත් වී සඳහා ගෙවීමට ඇස්තමේන්තු ගත මුදල රුපියල් දසලක්ෂ 85,000 ක් බව, වී අලෙවි මණ්ඩලයේ උතුරු පළාත් ප්‍රාදේශීය කළමනාකරු, ඩබ්ලිව් එම් එන් ආර් වීරසේකර මහතා පවසනවා. ඉන් කොටසක් ගොවීන්ට ගෙවා අවසන්.

    ඉතිරි මුදල් ඉතාමත් ඉක්මණින් ගෙවා අවසන් කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.  

    Latest News