පිළියන්දලින් ලක්ෂ 60ක හෙරොයින් එළියට

පෙබ 23, 2020

    හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර විකිණීමේ ජාවාරමක නිරත වූ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙක් පිළියන්දල,දැල්තර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් අනූවයි.සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500ක් සොයා ගැනිණ. විටනාකම රුපියල් ලක්ෂ 60කට අධික බවයි පොලීසිය පවසන්නේ.

    පොලීසිය වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම සැකකරුවන් හෙරොයින් පැකට් කරමින් සිටි අතර අත්අඩංගුවට ගත් එක් සැකකාරියක් විසින් නිවසක් කුලියට ගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් ගල්කිස්ස සහ බඩෝවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. සැකකරුවන් අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News