දක්ෂිණ අධිවේගයේ යන්න අලුතින් ලංගම බස් 10ක්

පෙබ 23, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ, මාතර සිට බරවකුඹුක දක්වා කොටස, අද විවෘත කිරීමත් සමග මගී ප්‍රවාහනය සඳහා ලංගම සුඛෝපභෝගී බස්රථ 10ක් ධාවනය සඳහා යොදවීමට නියමිතයි.

    ඒ අනූව එම බස්රථ අම්බලන්තොට,තංගල්ල හා හම්බන්තොට ප්‍රවේශයන්හි සිට, ගුවන් තොටුපොළ හා කඩවත දක්වා ධාවනය කෙරෙනු ඇති. පළමු අදියර යටතේ, එම ස්ථානවල සිට සුඛෝපභෝගී බස්රථ 3ක්, මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට නියමිත බවයි, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ. මෙම බස්රථ ධාවනය කිරීම සඳහා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්, ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 10:37

    Latest News