දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට කොටස අද ජනතා අයිතියට

පෙබ 23, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව මාතර ගොඩගම සිට හම්බන්තොට,මත්තල දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර 01 හා 02 අද (23) ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ගොඩගම අන්තර් හුවමාරුවේ සිට අපරැක්ක, බෙලිඅත්ත, කසාගල හා අඟුණකොළපැලැස්ස යන අන්තර් හුවමාරු ජනතා අයිතියට පත් වනු ඇති.

    පසුගිය නොවැම්බර් මසදී ජනගත කරන ලද බරවකුඹුක, සූරියවැව, මත්තල හා මාගම්පුර අන්තර් හුවමාරු මෙමගින් එකිනෙක සම්බන්ධ වන අතර දක්ෂිණ අධිවේගී මාර්ග භාවිතා කරන පාරිභෝගිකයන්ට මේ මස 23 මෙම මාර්ගය ජනගත කිරීමත් සමග දික්වැල්ල, බෙලිඅත්ත, තංගල්ල, අම්බලන්තොට, ඇඹිලිපිටිය, තනමල්විල, හම්බන්තොට, තිස්සමහාරාමය, කතරගම ආදී ප්‍රධාන නගර සදහා ගමනාගමනය පහසු වනු ඇති.

    මෙම අධිවේගී මාර්ගය සංවේදී පරිසර කලාපයන් කිහිපයක් හරහා ඉදිකර ඇති අතර ඇතිවිය හැකි ගංවතුර ආපදාවන්ට පිලියම් කිහිපයකින් සමන්විත වේ.

    මෙම මාර්ගය රක්ශිත වනාන්තරයක් හරහා ඉදිකර ඇති අතර වන සතුන්ට හානියක් නොවන ආකාරයට වන සතුන්ට මාරු වීම සදහා පාලම් ඉදිකර ඇත. මීට අමතරව මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී හානි කරන ලද එක ශාකයක් වෙනුවෙන් නව ශාක 100ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වේ.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 08:05

    Latest News