බිංගිරිය කර්මාන්තපුරය වෙනුවෙන් විනාශ කළ පොල් ගස් සංඛ්‍යාව 2,000ක්

පෙබ 22, 2020

    සාරවත් පොල් ඉඩමක් විනාශ කරමින් ආරම්භ කළ බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ කිසිදු කර්මාන්ත ශාලාවක් මෙතෙක් ආරම්භ කර නැතැයි, ජනතාව චෝදනා කරයි.

    පසුගිය රජය මෙම කර්මාන්තපුරය වෙනුවෙන් විනාශ කළ පොල් ගස් සංඛ්‍යාව 2,000ක්. ඉකුත් වසරේ මාර්තු 04 වැනිදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා මුල්ගල තැබුවේ, කර්මාන්ත ශාලා 25ක් ස්ථාපිත කරන බව පවසමින්. අකිල විරාජ් කාරියවසම් හා නලින් බණ්ඩාර යන වත්මන් මන්ත්‍රීවරුන් ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කළා. කර්මාන්තපුරයේ මුලික අදියර ලෙස බිංගිරිය ජර්මන් වත්තේ අක්කර 164ක පොල් ඉඩමක් මීට යොදා ගැනුණා.

    වාහන අමතර කොටස් ඉංජිනේරු කර්මාන්ත, තොරතුරු තාක්‍ෂණ ආශ්‍රිත කර්මාන්ත මෙහි ආරම්භ කරන බව පැවසුව ද, අද වනවිට එහි කිසිදු කර්මාන්ත ශාලාවක් ආරම්භ කර නැති බවයි, ජනතාව චෝදනා කරන්නේ. සත්ව ආහාර නිෂ්පාදන වැඩපලක් පමණක් ආරම්භ කරමින් පවතින බව, ජනතාව පවසනවා. පශු සම්පත් මණ්ඩලයට අයත් මෙම ඉඩමේ සාරවත් පොල්ගස් මෙන්ම, වටිනා ගස් රාශියක් අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් කපා දැමුණා.

    Latest News