වෙළදපොලේ බී ළුණු මිල ඉහළට

නොවැ 12, 2022

    දේශිය වෙළදපොලේ බී ළුණු මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙළදුන් පවසනවා.

    ඉකුත් සතියේ රුපියල් 200ක සිල්ලර මිලකට අලෙවි කළ බී ළුණු කිලෝව ඊයේ (11) වන විට රු 300 – 320 අතර මිලකට අලෙවි කරන බවයි, ඔවුන් පවසන්නේ.

    වෙළදපොළේ ඉල්ලුමට සරිලන බී ළුණු සැපයුමක් නොතිබීම හමුවේ බී ළුණු මිල ඉහළ ගොස් ඇති බවයි,ඔවුන් පවසන්නේ.

    දේශිය බි ළුණු තොග අවසන් විමත් සමග දැනට වෙළදපොල් අලෙවි කිරිමට ඇති බී ළුණු ආනයනික බි ළුණු බවත්, එම බි ළුණුවල තොග මිල වැඩි කිරිම නිසා සිල්ලර මිල වැඩි වී ඇති බවද ඔවුන් පවසනවා.

    බී ළුණු මිලට සමගාමිව රතු ළුණු කිලෝවක් 760 සිල්ලර මිලකට අලෙවි කරනු ලබනවා.

    Last modified on සෙනසුරාදා, 12 නොවැම්බර් 2022 09:44

    Latest News