වසර 40ක බදුල්ලේ කසල කන්දට විසදුමක්

පෙබ 16, 2020

    බදුල්ල නගරයට විශාල ගැටළුවක්ව පැවති කසළ ප්‍රශ්නයට විසදුමක් ලබාදීම සදහා ඌව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් මත නව වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.

    ඒ අනුව කසළ කන්දට විශේෂ බැක්ටීරියා ද්‍රාවණයක් ඉසීම ඊයේ (15) සිදුවිය. දින 30 ක් තුල මෙම කසල කන්ද ඉවත් කිරීමට හැකිවෙනු ඇතැයි මෙහිදි සඳහන් කෙරිණ. ඌව ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් චතුර ගමගේ මහතාගේ සම්බන්ධීකරනය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඊ.එම්.ආර්.පී. ඒකනායක මහතා විසින් මෙම ව්‍යාපෘතිය
    ක්‍රියාත්මක කර තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඊ.එම්.ආර්.පී. ඒකනායක මහතා....

    “මම නිර්මාණය කළ තාක්ෂණයක්. මේක ක්ෂුද්‍ර ජිවීන් මගින් මීතේන් හදන ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරිමක්. පරිස‍රයේ දුගද නැති වෙනවා. විෂු වායුව නිෂ්පාදනය වන එක නැතිවී යනවා. වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙම ද්‍රාවණය යොදල දින 12ක් වගේ කාලයක් තුළ පොහොර ගොඩක් බවට පත්වෙනවා. මෙම ස්ථානයේ කසලවල නම් බැර ලෝහ තියෙන නිසා පොහොර වලට ගන්න බැහැ. මේක පරිසරිය සුවපත් කර ගැනීම සදහා ඇති සරල තාක්ෂණයක් නමුත් ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණයක්.  රසානයන පොහාර නැතිව කාබනික පොහාර මගින් රටට එන වස විෂ දුරුකරගන්න ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය.

    ජපානය, චීනය ‍වගේ දියුණු රටවල් මේ තාක්ෂණය තමයි භාවිතා කරන්නේ.මෙතැන ක්ෂුද්‍ර ජීවීන් 16 ක් තියෙනවා. කාණ්ඩ 3 ක් ඉන්නවා ඉහළටම වැඩ කරන. ඒ අය තමයි මේ පරිසරය සුවපත් කරන්නේ.
    මේක අපේ සම්ප්‍රදායික සිංහරාජයේ හා හක්ගල රක්ෂිතයේ මේ තාක්ෂනය තියෙනවා. ඒක තමයි පිටරටට අරන් ගිහිල්ලා වැඩි දියුණු කරලා ඒ රටවල සංවර්ධනයට යොදාගෙන තියෙන්නේ.අපිත් සිංහරාජයෙන් හා හක්ගල රක්ෂිතයෙන් මේ තාක්ෂණය අරගෙන වැඩිදියුණු කරලා මෙහිදී යොදා ගන්නවා.මේ ක්‍රමය යටතේ දින 30ක් ඇතුළත මේ කසල කන්ද ඉවත්කරන්න පුථවන් යැයිද ඒකනායක මහතා පැවසීය. මෙම ස්ථානයෙන් ඉවත් කරන්නේ කිසිම පරිසර හානියක් නොවන පස් බවට පත්වූ කසල නිසා මේවා ගෙන ගොස් දමන ස්ථානයට කිසිදු පරිසර හානියක් නොවන බවද ඔහු අවධාරණය කළේය .

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 11:01

    Latest News